පරිගණක වෛරස

පරිගණක වෛරස
පරිගණක වෛරසයක් යනු . 
පරිගණකයේ ඇති මෘදුකාංග වලට හානිකරන ක්‍රම ලේඛණ කොටසකි.එවැන්නකට පරිගණකය තුල පැවැත්ම ඇත්තේ පරිගණකයේ ඇති මෘදුකාංග තුලය.පරිගණක වෛරසයකට ස්වෝත්සාහයෙන් පරිගණකය තුල ජීවත් විය නොහැක.මේවා ආගන්තුකයන් ලෙස ජීවත් වේ.නැතහොත් තවත් program එකක් තුල හෝ මෙම කුඩා වෛරස program files තුල ජීවත් වෙමින් ව්‍යාප්ත වන අතර තම ව්‍යාප්තියද සිදු කර ගනියි.



ඇතැම් වෛරස් වර්ග මගින් බාහිර සලකුණු ඇතිකරන නිසා ඒවා පහසුවෙන් හදුනා ගත හැකිවේ.තවත් වර්ගයක් රහසේ ක්‍රියාත්මක වේ.මෙහි බාහිර ලක්ෂණ අතර ඇතැම් විට තිරයේ මැවීම නැතහොත් අක්ෂර සටහන් තිරයේ උඩියටිකුරු කර දැක්වීම සිදුකරයි.තවත් සමහර අවස්ථා වලදී වාද්‍ය ඛණ්ඩයක් ඔබගේ අනුදැනුමකින් තොරව ශ්‍රවණය කිරිමට පුලුවන.එහෙත් රහසේ ක්‍රියාත්මක වන වෛරස් මගින් මෙවැනි බාහිර ලක්ෂණ නොදක්වන හෙයින් ඒවා ඇති නැති බව හදුනා ගැනීමට විශේෂ වෛරස හදුනා ගැනීමේ ක්‍රමලේඛන භාවිතා කල යුතු වේ.‍මෙම මෘදුකාංගයද විටින් විට අලුත් විය යුතුය. මන්දයත් සෑම දිනකම නව මුහුණුවරකින් යුත් වෛරස් පැමිණෙන හෙයිනි.


v සොයා ගැනීම වැළකීම සදහා ඒවා සැගවී සිටියි.
v වෛරසය ස්වයංව ප්‍රගුණ කිරිමේ හැකියාවෙන් යුත්ක වේ.මේ අනුව ප්‍රචලිත වීමේ හා ආසාධනය වීමට නිතරම රැදී සිටියි.
v පරිගණකයේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට බාධා පමුණුවයි. 
v මෙමගින්  file මකා දැමීම තියරි දත්ත විකෘති කිරිම සිදු කරයි.

වෛරස් වර්ග

Boot Sector Viruses
Companion Viruses
Email Viruses
Logic Bombs and Time Bombs
Macro Viruses
Cross-site Scripting Virus
Trojan Horses
Worms

          Boot Sector Viruses
         දෘඩ තැටියේ හෝ වෙනත් දත්ත ගබඩා කිරීමේ මාධ්‍යයක ආරම්භක කොටස් වල පැතිරෙන වෛරස.

Companion Viruses
Ms Dos (PC Dos) වලදි වැඩසටනක් ආරම්භ කරනු‍යේ එම වැඩසටනේ නම කෙලින්ම තිරය මත සටහන් කිරීමෙනි. උදා- run.exe එක ධාවනය කිරීමට run කියා හෝ run.exe ලෙස ටයිප් කල යුතුය.
පරිශීලකයා බොහෝ විට පළමු ක්‍රමය අනුගමනය කරයි. නමුත් පරිගණකයේ run.com නමි file එකත් තිබුනොත් වැඩ කරන්නේ run.com වැඩසටහනයි. (ඔබ dos මත වැඩ වැඩටහනක නමක් දිගුවක්(extension) නොමැතිව ධාවනය කරන වි‍ට පළමුව dos මගින් .bat ආකාරයේ වැඩටහනක් ඇත්දැයි සොයයි. පසුව .com හා ඉන් පසුව .exe ආකාරයේ වැඩටහනක් අත්දැයි සොයයි. ඉන් හමුවන පළමු වැඩසටහන ධාවනය කරයි). මෙම ගුණාංගය ප්‍රයෝජනයට ගෙන මෙම වර්ගයේ වෛරස නිර්මාණය කර ඇත. වෛරසය මගින් දැනට පරිගණකයේ ඇති .exe ආකාරයේ ‍ගොනු සඳහා .com ආකාරයේ ‍ගොනු සාදයි. ඒවා තුළ වෛරස තැන්පත් කරයි. ඒ නිසා පළමුව වෛරසය ධාවනය වී පසු‍ව වෛරසය .exe ගොනුව ධාවනය කරවයි. මේ ආකාරයට පැතිරීම සිදුකරයි

Email Viruses
         විද්‍යුත් තැපෑල මාර්ග‍යෙන් පැතිරෙන් වෛරස. සාමාන්‍යයෙන් මෙම වෛරස ස්වයංක්‍රීයව ලිපින එකතු‍වේ (address book) ඇති අනෙකුත් විද්‍යුත් තැපැල් ලිපිනයන්ටද වෛරස‍ය තැපැල් කර යවමින් පැතිරෙයි..


         Logic Bombs and Time Bombs
                 පරිගණකයේ කිසියම් ක්‍රියාවක් හා අනුබද්දව ප්‍රතිචාර දක්වයි.(උදා - ගොනු මකා දැමීමේදී, මුද්‍රිත             පිටපත් ලබා ගැනීමේදී) මෙම වෛරස නියමත කාලයකට අනුව ප්‍රතිචාර දක්වයි නම් එයට Time          bomb කියා කියයි.

Macro Viruses
      Microsoft office පැකේජයන් හී භාවිතා වන නි‍‍‍‍යෝග එකලස (macro) මාර්ගයෙන් පැතිරෙයි.


       Cross-site Scripting Virus
               මෙම වැඩ සටහන් සත්‍යය වශයෙන්ම වෛරස නොවූවත් සිදුවන හානිය ගැන සලකා වෛරස සේ         වර්ග කරයි.


         Trojan Horses
                පිටතින් වෙන වැඩ සටහනක් මෙන් පෙනීසිට, පරිගනකයට අනවසර පුදිගලයන්ට ඇතුලු වීමට                සැලැස්වීම, පරිගනකයේ ඇති දත්ත පිටස්තරයන්ට ලබාදීම. 
      
        Worms 
     පරිගණක ජාල හරහා පරිශීලකයාට කිසිදු දැනුම් දීමකින් තොරව පැතිරොන වෛරස වර්ගයක්.බොහෝවිට ඉලක්ක පරිගණකියේ දත්ත විනාෂ කිරීම හෝ දූෂිත කිරීම සිදු කරයි.



මැත කාලයේ වාර්තා වු හානිකර පරිගණක වෛරස වර්ග 

uStuxnet
uRam nit
uWebmoner
uKolab
uFakeAV
uSlugin
uBitCoinMiner
ජනප්‍රිය ඇන්ටි-වෛරස් වැඩසටහන

uNortan
uBit- defender
uKaspersky
uPanda
uNod-32
uComodo
uF-Secure
uAvast professional
uAvira professional   
                        නොමිලයේ ලබාගත් හැකි වෛරස් ගාඩ්

uAvast Home Edition
uAVG Free version
uAvira Free
uMicrosoft Security Essentials
uPanda Cloud Version
uBitdefender -2011 free edition.

2015 හොදම වෛරස්  ගාර්ඩ් ටික.....


මීලග පොස්ට් එකෙන් මං කියල දෙන්නේ පෙන් වලින් සහ සීඩී වලින් එන වෛරස්    වලින් බේරෙන ජිල්මාට් එකක්...........................................

Comments